කෙසේ හෝ මෙම සේවා ලැබීමට දරන දිගු පෝලිම් නැති වේවා යයි අපි ප්‍රාර්ථනා කරමු. taken from-Randika's Blog
Wednesday, February 17, 2010
ශ්‍රී ලංකා ද්වාරය
ලංකා ද්වාරය(Lanka Gate) යනු ICTA(ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියොජිතායතනය) විසින් මෙහෙය වන ව්‍යාපෘතියකි. එම ආයතනයට අනුව මෙය ඉ-ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ තවත් පියවරකි. මෙම බිහිදොර මගින් එකම ස්ථානයකදී සියළුම සේවාවන් ලබා දීමට නියමිතය. මෙමගින් සියළුම රාජ්‍ය සේවා සිංහල, දෙමල ,ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ලබා ගත හැක. තවම ඉදි වෙමින් පවතින මෙයට මේ වන විට පළමු රාජ්‍ය සේවාවද එක් කර හමාරය. එනම් අන්තර්ජාලයේ සිටම වාහන ආදායම් බලපත්‍රය අලුත් කරගැනීමේ සේවාවයි. මේ සදහා ප්‍රථමයෙන්ම www.srilanka.lk වෙබ් අඩවියේ සාමාජිකත්වය ලාබා ගත යුතුය. මම නම් තාම මෙම සේවාව ලබා ගෙන නෑ. එම නිසා මෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳ යම් අදහසක් ලබාගත නොහැකි විය. කෙසේ වෙතත් මෙය හොද පියවරක්. මේ නිසා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් අපට බලාපොරොත්තු විය හැක. නමුත් තවම ලබා දී ඇත්තේ එක් සේවාවක් පමණි. එම නිසා මෙයින් උපරිම සේවාවක් ලබා ගැනීමට මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් අවසන් වන තෙක් අපට තව කාලයක් බලාගෙන ඉන්නට සිදු වේවි.
කෙසේ හෝ මෙම සේවා ලැබීමට දරන දිගු පෝලිම් නැති වේවා යයි අපි ප්‍රාර්ථනා කරමු. taken from-Randika's Blog
කෙසේ හෝ මෙම සේවා ලැබීමට දරන දිගු පෝලිම් නැති වේවා යයි අපි ප්‍රාර්ථනා කරමු. taken from-Randika's Blog
Subscribe to:
Post Comments (Atom)
randikasilva.blogspot.com
ReplyDelete